Saturday 10 November 2012

මොනවද මෙ S-ATA / P-ATA(IDE) ??





හාඩ් ඩිස්ක්, සීඩී රොම්, ඩීවීඩී රොම් වැනි උපකරණ සම්බන්ධ කිරිම සදහා මවුපුවරුවේ තිබෙන පෝට් එක හදුන්වන්නේ ඒටීඒ පෝට් කියාය. මවුපුවරු සමග මුල්කාලයේ ආ ATA(Advanced technology attachment) පෝට් එක වන්නේ Parallel ATA පෝට් එකයි. මෙය PATA[(IDE) integrated drive electronics] යන නම් වලින් හදුන්වයි. 2003 වර්ෂයේ සිට PATA පෝට් එකට ආදේශයක් ලෙස Serial ATA හෙවත් SATA පෝට් එක හදුන්වා දෙනු ලැබුවේය.

IDE පෝට්



මෙම පෝට් එක මවුපුවරු සදහා හදුන්වා දුන්නේ 1986 වර්ෂයේ සිටය. තවමත් මවුපුවරු තුල මෙම පෝට් එක භාවිතාවේ. මෙය සමාන්තර දත්ත සන්නිවේදන ක්‍රමය භාවිතා කරයි.. IDE පෝට් එකක් මත පින් 40ක් තිබේ.
එදා සිට මෙ දක්වා ATA සංස්කරණ 7ක් පැම්ණ ඇත. ඒ ATA-1 සිට ATA-7 දක්වාය. ATA-1 දි 8.33Mbps හා ATA-7 දි 133Mbps ආදි වශයේන් වේගය වැඩිවි ඇත. කලකට පෙර මවුපුවරු තුල IDE පෝට් 2ක් තිබුනද දැන් 1ක් හො නොමැති තරම්ය. IDE පෝට් හදුනා ගනු ලබන්නේ බයෝස් වැඩසටහන මගිනි. මවුපුවරුව තුල IDE පෝට් 2ක් ඇති විට එවා IED-1 හා IED-2 ලෙස නම් කෙරේ.IDE-1 පොවට් එක ප්‍රයිමරි ලෙසටත් IDE-2 පෝට් එක සෙකන්ඩරි ලෙසටත් බයොස් වැඩසටහන මගින් හදුනා ගනි. මෙම පෝට් එක සදහා හාඩ් ඩිස්ක් , ඩීවීඩී රොම්,..... වැනි උපකරන සම්බන්ද කරන්නේ IDE කේබල් ඒක මගිනි. IDE පෝට් 2ක් ඇති මවුපුවරු වලට හාඩ් ඩිස්ක් , ඩීවීඩී රොම්,..... උපරිම වෂයේන් 4ක් සම්බන්ද කල හැක.






IDE කේබල්


IDE කේබල් සාමාන්‍යයෙන් අගල් 10ත් 18ත් අතර දිග ප්‍රමාණයකින් යුක්තය. මෙම කේබල් එක මත සම්බන්ධක 3ක් දක්නට ලැබේ. එයින් සම්බන්ධක 2ක් එක ලග( අගල් 5ක් හො 6ක්) පිහිටයි අනේක තරමක් දුරින් පිහිටයි. මවුපුවරුව හා සම්බන්ද වන්නේ තරමක් දුරින් පිහිටි සම්බන්ධකයයි. මෙම කේබල් එකේහි වයර් 40 හා 80 වෂයේන් ඇති කේබල් ආකර 2ක් වේ. නමුත් ඒවා ප්‍රමාණයෙන් එක සමානය. මෙයින් වයර් 80ක් ඇති කේබලය 40ක් ඇති එකට වඩා වේගවත්ය. මෙම කේබල් එකෙහි එක් පැත්තක රතු පැහැයේන් වර්ණ ගන්වා ඇත. එම පැත්ත Side-1 ලෙස හදුන්වයි. IDE කේබල් එකෙහි සම්බන්ධකය IDE පෝට් එක සම්බන්ධ කල හැක්කේ එක් දිශාවකට පමණි. නමුත් පැරණි කේබල් දෙපැත්තටම සම්බන්ධ කල හැක. මෙවනි අවස්ථාවක හදුනා ගැනිම සදහා කේබල් එකෙහි හා පෝට් එකෙහි IDE-1 හො IDE- 2 ලෙස දක්වා ඇත. එවිට එය ගලපා සම්බන්ධ කල යුතුය.



SATA පෝට්



IDE කේබල් එක වෙනුවට 2003 සිට SATA(Serial ATA) හදුන්වා දෙනු ලැබිය. මෙහිදි ශ්‍රේණිගත දත්ත සංනිවේදන ක්‍රමය භාවිතා කරයි. මෙහි ඇත්තේ තුඩු 7ක් පමණි. එම නිසා මෙය ප්‍රමාණයේන් කුඩාය. නමුත් IDE පෝට් එකට වඩා වෙගවත්ය. මුල්ම SATA සංස්කරනයේ වේගය (SATA 1.0) 1.5 Gbits වුණි. SATA 2.0 හි වෙගය 3Gbits වුණි දැන් තිබෙන අලුත්ම සංස්කරණයේ( 2009 දි හදුන්වා දුන්) SATA 3.0 වේගය 6 Gbits කි. SATA පෝට් එකක් හා සම්බන්ධ කල හැක්කේ එක්  උපකරණයක් පමණි. සාමාන්‍යයෙන් මවුපුවරුවක් තුල SATA පෝට් 4ක් පමණ පිහිටයි.

SATA කේබල්




SATA පෝට් එක හා උපකරණයක් සම්බන්ධ වන්නේ SATA කේබල් එකක් හරහාය. මෙම කේබල් එක සම්බන්ධ වන්නේ එක් දිශාවකට පමණි.

 



පැරණි මවුපුවරු තුල  SATA පෝට් නොමැත.. එහෙත් SATA වර්ගයේ උපකරණයක් සමග සම්බන්ධ කිරිමට SATA converter භාවිතා කල හැක. එසේ නොමැතිනම් SATA කාඩ් එකක් භාවිතා කල යුතුය. එය PCI ස්ලොට් එකක් හරහා සම්බන්ධ කල හැක.










<SATA
Converter
 SATA Card>





© by tiran_kavinda@yahoo.com

0 comments: