Saturday 10 November 2012

රැම් ඕවර්ක්ලොකින් කරන්නේ මෙහෙමයි

රිගණක භාවිතයේදි අවශ්‍ය කරනවට වඩා වැඩි වේගයකින් පරිගණයකය  හා කටයුතු කිරිමට අවශ්‍ය විටදි ඕවර්ලොකින් කිරිම සිදුවේ. විධාන දෙන වේගය හෙවත් ක්ලොක් ස්පීඩ් එක වැඩි කිරිම ඕවර්ලොකින් කිරිම ලෙස හැදින් වේ. මෙය මනිනු ලබන්නේ මෙගා හර්ට්ස් (MHz) වලිනි.

රැම් ඕවර්ක්ලොකින් කිරිමේදී එය මදර්බෝඩ් එක සමග ගනුදෙනු කරන වෙගය වැඩි කර ගත හැක.  මෙහි සාමාන්‍ය වේගය BIOS වැඩසටහන මගින් බලාගත හැක. 

 මේ සදහා බයොස් වැඩ සටහන තුලින් Advanced හි Frequency/Voltage control එහි ඇති DRAM Clock (MHz) සිලෙක්ට් කර යතුරු පුවරුවේ Enter යතුර තද කරන්න. එවිට  DRAM Clock (MHz) නමින් කුඩා බොක්ස් එකක් ඔපන් වේ. (මෙම සැකසුම ඇතැම් බයොස් වැඩසටහන් තුල into Advanced Chipset Features මත ඇති front-side bus(FBS) මගින් කරගත හැක.) එහි සාමාන්‍යන් තෙරි ඇත්තේ by SPD හො Auto යන්නයි. ඊට පහලින් විවිද වේග පරාස දැකගත හැක. 
 ආදර්ශ පින්තූරයකි
 
ඔබට අවශ්‍ය වේග පරාසය තොරා සේව්  කර බයොස් වැඩසටහනේන්. ඉවත් වෙන්න. එහිදි පරිගණකය බූට් වෙයි. එහිදි බොහොදුරට නව රැම් වෙගය පෙන්වයි.

සැකසුම් වලින් පසුව පර්ගණකය බූට් නොවි දිගටම "බීප්" හඩ නිකුත් වෙනම් එයින් කියවෙන්නේ රැම් එකේහි වෙගය පරිගණකයට අවබොධ කරගත නොහැකි බවයි. ඒවිට පරිගණකයට ලබාදෙන විදුලිය විසන්ධි කර මවු පුවරුවේ ඇති බැටරිය ගලවා ටික වෙලාවක් තිබෙන්නට හැර නැවත සවිකරන්න. එවිට සිදුවෙන්නේ කලින් ඔබ සිදුකල සැකසුම් සියල්ලම මුල් තත්වයට පත්විමයි. නැවත පරිගණකය පණගන්වන්න. එවිට පෙර තත්වයට පරිගණකය පත්වේ.



සිදුවන අත්වැරදිම් වලට මා විසින් වගකියනු නොලැබේ

Post by :-© by tiran_kavinda@yahoo.com

0 comments: