Saturday 10 November 2012

මවුපුවරුවේ පැටිකිරිය


විවිධ වර්ගයේ මවුපුවරු සහ එහි තිබෙන චිප් සෙට්ස්

මේන් බෝඩ්, සිස්ටම් බෝඩ්, ලොජික් බෝඩ් ලෙස හදුන්වන්නේද  මදර්බෝඩ් ඒකමයි. පරිගණකයක ප්‍රධාන පරිපථ පුවරුව මදර්බෝඩ් ඒකයි. පරිගණකය හා සම්බන්ධ වන බාහිර උපකරන සියල්ල සම්බන්ද වන්නේ  මවු පුවරුවටයි. ඊට අමතරව ප්‍රධාන වෂයෙන්. ප්‍රොසේසරය, මෙමරි කාඩ්, ග්‍රැෆික් කාඩ්, හාඩ් ඩ්‍රයිවි, සවුන් කාඩ්, ඩිස්ක් ඩ්‍රයිවිස්, .. ආදිය මවු පුවරුවට කෙලින්ම සම්බන්ද වේ. මේ ආදි උපාංග ඒකිනේක සම්බන්ද කරම්න් ඒවා අතර තොරතුරු හුවමාරු කර ගැනිමට මවු පුවරුව පසුබිම සකසයි.

මවු පුවරු එකිනෙක වෙනස් වන්නේ ප්‍රධාන කාරනා 2ක් පදනම් කරගෙනය. ඒනම් එහි ඇති ප්‍රොසෙසරය හා ඒහි මවුපුවරුවේ ප්‍රමාණය අනුවයි.


ප්‍රොසෙසරය අනුව මවුපුවරු වර්ග කිරිම.

දැන් තිබේන මදබෝඩ් වැඩි ගනනක ඇත්තේ Intel හො AMD ප්‍රොසෙසර්ය ඒ අනුව ප්‍රධාන වර්ග 2කි.

ප්‍රමාණය අනුව මවුපුවරු වර්ග කිරිම.

මවුපුවරු සාදන්නේ ජාත්‍යන්තරව පිළිගත්  මිනුම් වලට අනුවය. ඒහි ප්‍රමාණය හදුන්වනේ Form factor කියාය. ෆෝම් ෆැක්ටර් වෙනස් වන්නේ මවුපුවරුවේ දිග, පළල, ඒහි තිබෙන සවිකිරිමේ සිදුරු ගනන, සිලොට් පිහිටා ඇති පිළිවල  හා සංඛාව, ක්නේක්ටර්ස් පිහිටා ඇති පිළිවල  හා සංඛාව ආදි වෂයෙනි.

ෆෝම් ෆැක්ටර් අනුව දැනට වැඩි වශයෙන් බාවිතා වන මවුපුවරු වර්ග තුනකි.

1.Standard ATX
2.Micro ATX
3.Mini ATX
 
Standard ATX


වැඩි ධාරිතාවක් ඇති පරිගණක වල ඇත්තේ Standard ATX  මවුපුවරුය. මධ්‍යම ප්‍රමාණයෙ කේසින් වල සවිකල හැක. මෙහි ඇති වාසිය නම් එක්ස්පැන්ෂන් ස්ලොට් වැඩි ගනනාවක් තිබිමය.. පීසීඅයි(PCI) ස්ලොට් 4ක් 5ක්, පීසීඅයි එක්ස්ප්‍රස්(PCI-Express) ස්ලොට් 2ක් හො 3ක් මෙන්ම සටා පොට් කිහිපයක්ද, රැම් ස්ලොට් වැඩි ගණනක් ඇත.

මෙම
Standard ATX මවුපුවරු බාවිතා කරන්නේ සාමන්‍යයෙන් වැඩි ධාරිතාවක් අවශ්‍ය වන පරිගණක වලය. මෙහි ස්ලොට් ගණන වැඩි නිසා ව්ජීඑ කාඩ් කිහිපයක්.. ඩ්විඩ් රයිටර් කිහිපයක්, වුවද බාවිතාකල හැක.

Micro ATX
අපි සාමන්‍යයෙන් බාවිතා කරන්නේ මෙම මවුපුවරුය. මිඩ් ටවර්, මිනි ටවර් කේසින් සදහාද සවිකල හැක්කේ Micro ATX මවුපුවරුය. ගෙදර දොර, කාර්යයාල පාවිච්චියට උචිතය. මෙහි එක්ස්පැන්ෂන් ස්ලොට් ගණන අඩුය. පීසීඅයි එක්ස්ප්‍රස් ස්ලොට් ඒකකි. සාටා පොට් 4ක් පමණ ඇත.
 Mini ATX

කුඩා සිස්ටම් යුනිට් වල ඇත්තේ මෙම  Mini ATX මවුපුවරුය. පීසීඅයි හො පීසීඅයි එක්ස්ප්‍රස් ස්ලොට් නැති තරම්ය. ඇතැම් විට ඒම පීසීඅයි ස්ලොට් එකක් පමණක් තිබිය හැක. මෙහි විජීඑ, සවුන්ඩ් කාඩ්, නෙට්වර්ක් කාඩ් මවුපුවරුවට සවිකර ඇත. එම නිසා යම් කොටසක් ක්‍රියා විරහිත වුවහොත් සම්පුර්ණ මවුපුවරුවම ඉවත් කිරිමට සිදුවෙයි. තවද මෙයට වැඩි දියුනු කොටස් ඒකතු කල නොහැක.. 
.

මවුපුවරු වර්ග

  NLX 

දැන් අඩුවෙන් බාවිතාවේ. පැරණි බ්‍රැන්ඩඩ් පරිගණක වල බොහො දුරට ඇත්තේ NLX මවුපුවරුය. මෙවා ප්‍රමාණයේන් කුඩාය. පුවරුව මත පීසීඅයි  ස්ලොට් නැත. ඒ වෙනුවට වෙනමම NLX කාඩ් හරහා පීසීඅයි ස්ලොට් සවිකර ගත යුතුය.
 Chipset

මවුපුවරුව්ට සම්බන්ධ කොට තිබෙන විවිද උපාංග එකිනෙකට සම්බන්ධ කරමින් පාලනය කරනු ලබන චිප් 2ක් තිබේ. ඒවා චිප්සෙට් කියා හදුන්වයි. ඒවානම්,

1.Northbridge chip
2.Southbridge chip

 Northbridge chip
මෙම චිප් එක මගින් ප්‍රොසෙසරය, රැම් හා ග්‍රැෆික් කාඩ් සමග සම්බන්ද Northbridge chip එක හරහාය.
Southbridge chip

පරිගණකයට පිටින් සම්බන්ධ කරන උපාංග සහ පරිගණක ජාල අතර කටයුතුවලට අදාළ තොරතුරු සන්නිවේදනය පාලනය කරන්නේ මේ Southbridge චිප් එක හරහාය.

ADM  චිප්සෙට් බ්ලොක් ඩයග්‍රැම්

 Post by :-© by tiran_kavinda@yahoo.com

1 comment: